Monday, August 9, 2010

කෙටියෙන් ......... !!!!!!!!!

විකසිත වී ‍ඇත ‍සල්මල් ‍ පිරිලා
පියමැන්නා නුඹ ඒ ‍‍දෙස බලලා
පුර පෝ සද මෙන් වත බැබලීලා
දෙනෝ දහක් ඇස් සොරකම් කරලා

කොතැනක වත් හෝ කෙනෙක් නොසිටිනා
පෙරමග සිටියේ සිතිවිලි ඇතිනා
පාට වත්සුණු ගනන් නොගැනෙනා
සුවදව හැමුවේ වන මලක් ලෙසිනා

මගහරිනට කළ දස්කම් විස්කම්
වෙනුවට මා ගැන, නුඹ සිතුවානම්
නුඹටත් ලං වී ඇත මා එහෙනම්
මොහොතක් වත් මා නැතිව බැරි තරම්

අහකබලා ගිය මද සිනහව හකුලා
ඒත් දැනෙයි මට, නුඹ මගෙයි කියාලා
සිත කියන්නෙ මට ඉන්නට කියලා
මතුයම් දිනයක නුඹ ඒවි කියාලා

සෙනෙහස හදුනන දිනයක කිසියම්
නුඹටත් දැනේවි මෙහි ඇදි සිතුවම්
සිහි වී දැවේවි ඔය සිත ගිනියම්
සල්ගස අද්ද්ර බලා හිදින්නම්

නුඹ දන්නනවද ... ?

ඇද හැලෙන්නේ මහ වැස්සක්
නෙතින් වැටෙන කඳුළු බිඳක්
ඒ වැස්සට නුඹ තෙමුනත්
නුඹ නොදනී ඒ කිසිවක්...!

මද පවනක් හමා යාවි
සුසම් පවන් එක් රැස් වී
කෙහෙරැල් සිඹ නැටවුනු මුත්
නුඹ නොදනී ඒ කිසිවක්...!

විකසිත මල් සුවඳ හමයි
සිතිවිලි වල සුවඳ අරන්
දෝතින් ගෙන මල් සිඹිමින්
නුඹ නොදනී ඒ කිසිවක්...!

තුටු කඳුළැල්

හිමිදිරියේ විහඟුන් ගී ගයමින්ය
විකසිත වූ කුසුම් සුගන්ධ් හමමින්ය
තාලයකට පාද තබා ඇවිදින්ය
පසුකර ගිය හොරැහින් නුඹ බලමින්ය

පය තැබුවත් සිත එතැනම නතර වෙලා
සොරා ගත්තා හැමදාටම ඕනෙ කියලා
ඔබ ඇවිදින් මා හමුවට මග ඉඳලා
ඔබ කිව්වා මමත් සොරෙක් බව කියලා

හැමදාමත් තියා ගන්න අප දෙදෙනා පොරොන්දු වී
හිස තියලා මගෙ පපුවේ ඇය සිටියේ තුරුලට වී
සෙනෙහස ලඟ තනි වීලා තුටු කඳුළැල් ගලා යාවී
විහඟුන් ගී කුසුම් සුවඳ දිවි ඇති තෙක් ලඟ සිටීවි ... !!!